Your cart is empty now.
සෝවියට් දගෙස්ථානු ජනතාවගේ නව ජීවිතය රසුල් ගමි සොටොව්ගේ ලියවිලිවල තේමාව ය. "දගෙ ස්ථානය. ඔබ මගේ ආදරය සහ ප්රතිඥාවයි. මගේ ආයාචනය සහ යාඥාවයි. මගේ සියලු පොත්වල ද, මගේ මුළු දිවියේ ද තේමාව ඔබ ම පමණයි.
මේ පොත එක්තරා අයුරකින් පාපොච්චාරණයෙකි. එය ජීවිතය සහ කලාව පිළිබඳව ලේඛකයාගේ සිතුවිලි පැහැදිලි කරයි. අපූර්ව උල්පතකින් පැත තහිත එය පෙරදිග ආකාරයෙන් සංක්ෂිප්තාර්ථිත ය. මේ ගදිය පුරා පැදි ද කෙටි කතා ද අතරින් පතර විසිර තිබේ. උපදේශාත්මක උපමා කතා, පිරුළු සහ ගැමි ජන ප්රඥාව කාවැද්දූ කියමත් ඒ අතර වේ. වරෙක ඒවා හාස්යජනක ය. වරෙක දුක්බර ය.
රසුල් යනු අරාබි බසින් 'හියෝපිතයා' යනු ය. ඇත්ත වශයෙන් ම රසුල් ගම් සොටොව් සෝවියට් ද ගෙස්ථානයේ ගෞරවනීය නියෝජිතයෙකි. ඔහු තම් භූමිය ගැනත්, එහි වැසියන් ගැනත් මුළු මහත් ලෝකයට කීවේ ය.