Your cart is empty now.
ළමා කාලය සුන්දර විදිහට සිහියට ගෙන දෙනවා. දරුවා සොබා දහම තුළ. ඔක්කොම ළමයින්ගේ මුහුණු වල සිනා මිසක් බයක් පෙනෙන්නේ නෑ. හා බලන් ඉන්න දරුවට මොනවා හිතෙනවා ඇතිද? මට පොඩි කාලේ සිතිජය ළඟින් පොල් ගස් කරටිය ගෑවී නොගෑවී තිබුණු පිගානක් වගේ ලොකු හඳ මතක් වුණා. පුංචි දිය පාරවල්වල කෙහෙල් කොට පාරු පැදපුවා මතක් වුණා. පැටිගිරි නැති අපේ බල්ලා බොගී මතක් වුණා. (උගේ දිග නම බොනිෆස්) පිච්ච මල් ටිකත් ලස්සනයි. මට දැනෙන දේ වචන දෙකකින්. සතුට, අතීත කාමය.