Your cart is empty now.
උදාරය කොතාත්මකය තියුණුය. ශිෂ්පන්නය.. ගාවෝගේ කෘතිය චීන දේශපාලන කැළඹුම් කැඳ හැළියේ එබී ගිලී ගොස්ය. කාලයද ස්ථානද අතික්රමණය කිරීම ඔහුගේ අභිප්රායයි. ඔහු තැත් දරන්නේ සාහිත්ය අරභයාම වූ භාවාත්මක ලිවීමක් සඳහාය. ඒ තුළින් සිය හදවතේ ක්රෝධය පුරවාගත්, කෲර මෙන්ම උදාරවත් මානවයා නම් වූ සත්වයා හෙළිදරව් කිරීමට ඔහු තැත්දරයි.
නිව්යෝර්ක් ටයිමිස්
චීනයේ දශක ගණනාවක මාවෝවාදී භීෂණය පිළිබඳව සිත් කළඹවන ඓතිහාසික කලඑළි දැක්මකි. ගෘවෝගේ නවකතාව ඔහුගේ පූර්වගාමීන් අභිබවා යන අතිශය පුද්ගලික සේම දේශපාලනමය රචනයකි.
ලන්ඩන් ටයිම්ස්
නවකතාවක සියලු රසගුණ කැටි කොට ඇත.. සෑම උසස් ලේඛකයෙක් සේම ගාවෝ ගොඩනගන ලෝකයද හුදු බිත්ති සැරසිල්ලකින් ඔබ්බට ඇදී යයි. ප්රධාන චරිතය වධ වේදනා විඳින අතරම තවත් විටෙක තුටින් පසුවන නවකතාවකි.
ලීටරරි රිව්