Your cart is empty now.
චතුරිකා රුචිරාණි හේන්පිට ලක් පොළොවේ ඉපිද වර්තමානයෙහි ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වන විද්‍යාඥවරියකි. නිර්මාණ කරණයේ උපන් දක්ෂතා ප්‍රකට කරන ඈ අභ්‍යාසය මඟින් ඔපමට්ටම් කරගත් සුවිසෙස් කවිතාවකින්ද, ප්‍රතිභාවකින් ද යුතු නිර්මාණ කාරිනියකි.
නොරටක සිටියද තාමත් මව් රටේ තාලයට හද ගැහෙන්නට ඉඩ හරින ඈ මව් පොළොවෙන් උරාගත් ජීවන සුවඳ මුසු සතුටු - නොසතුටු, සොම්නස් - දොම්නස් සියල් ජීවන අත්දැකීම් මානවවාදී හැඟීමකින්ද, අවබෝධ කරගත් ආගමික හරයකින්ද, සාරවත් ගැඹුරකින්ද පොහොණි කොට හද් බසින් ලියා අපට පෙරළා පිළිගන්වන්නී. සෙවණැලි අවදි නොවුණ තැන් නමින් වූ මේ කුලුදුල් නිර්මාණ සංග්රහයෙනි.