Your cart is empty now.
"පුරවැසියා යනු කව්ද? "පුරවැසිභාවය " යනු කුමක්ද? පුරවැසි අයිතිවාසිකම් යනු මොනවාද? සෑම පුරවැසියෙකුටම තිබෙන්නේ එක සමාන අයිතිවාසිකම්ම ද? සමහර පුර වැසියන්ට නැති අයිතිවාසිකම් තවත් පුරවැසියන්ට ලැබෙන්නේ ඇයි? සමහර පුරවැසියන්ට ලැබෙන අයිතිවාසිකම් තවත් පුරවැසියන්ට නොලැබෙන්නේ ඇයි? පුරවැසි අයිතිවාසිකම් යනු අපට ඉබේ ලැබෙන දේවල්ද? එසේ නැත්නම් ඒවා සමාජ සහ දේශපාලන අරගල වල ප්‍රතිඵල ද? සම්පූර්ණ පුරවැසි භාවය හා පුරවැසි අයිතිවාසිකම් ලබා ගැනීමට අසම්පුර්ණ පුරවැසි භාවය හා අයිතිවාසිකම් ඇති ප්‍රජාවක් කළ යුත්තේ කුමක් ද?
මේ ප්‍රශ්න දේශපාලන න්‍ය න්‍යායය සහ භාවිතය සමග කිට්ටුවෙන් බැ බැඳී තිබෙන ඒවාය. ඒවාට ප්‍රමාණවත් පිළිතුරු ලබා ගැනීම පුරව රවැසි භාවය හා පුරවැසි අයිතිවාසිකම් සාක්ෂ ෂාත් කර ගැනීමේ මේම අරගලයේ කොටසකි. මේ පොත ඒ සඳහා න්‍යායික සහ සංකල්පමය මගපෙන්වීමක් කරන්නකි. සම්භාව්‍ය සහ නූතන දේශපාලන දර්ශනය සහ න්‍යායද ආශ්රයෙන් පුරවැසියා සහ පුරවැසි භාවය යන සංකල්ප ගැඹුරට සාකච්ඡා කරන මේ පොත දේශපාලන විද්‍යාව හදාරණ ශිෂ්‍ය ප්‍රජාවට ද, වෘත්තීය දේශපාලනඥයින්ට ද, සක්‍රීය පුරවැසියන් වීමට කැපවී සිටින අප රටේ පුරවැසියන්ටද එකසේ ප්‍රයෝජනවත් වන්නකි.