Your cart is empty now.
1991 සිට පුවත්පත් කවි පිටුවල කවි පළ කළ ලක්ශාන්ත අතුකෝරල 2006 වසරේදී ‘අමාවකේ සඳක් සිඹිමි’ නම් කවි පොත රචනා කරමින් ග්රන්ථකරණයට එළැඹුණු අතර එතැන් සිට විවිධ කාව්‍ය නිර්මාණ, පරිවර්තන සහ තීරු ලිපි ආදිය ඉදිරිපත් කරමින් අඛණ්ඩව ලේඛන කාර්යයේ නිරතව සිටියි. ‘ලියසැව් ලිහී ගිය ගනසාමඬුලු’ ඔහුගේ නවවැනි ස්වතන්ත්‍ර කාව්‍ය කෘතියයි.