Your cart is empty now.
ඉතිහාසය ගොඩනැගීමත් ඊට යටවීමත් එකක් නොව, හාත්පසින් වෙනස් වූ ක්‍රියා වලින් දෙකකි. මේ දෙමගින් කුමක් ඔස්සේ ගත් කළ යුතුදැයි කෙරෙන අදෘශ්‍යමාන නිහඩ වවාදයක් සෑම සමාජයක් තුළ වෙයි. 'ආරාමදාස' නවකතාව තුළ සිත්තමට නැගෙනුයේ සමාජයන්ට නොදැනී සමාජයත් කළඹමින් මතුවන උක්ත විවාදයේ සලා වැටුමයි. සඟවැටුමක් හෙවත් දිය සුළියකට හසුවන බොහෝ දෑ එය විසින් දියෙහි පතිලට ඇද ගන්නා අතර ඇතැම් ශක්තිමත් දෑ ඒ රුදුරු ඉරණමිත් ගැලවි ගංගාවත් සමඟ ඉතිහාසය හරහා නිදහසේ ගමනේ යෙදෙයි.
ග්‍රීක මිථ්‍යා කතාවන්හි එන ඇට්ලට ලෝකය ඔසවාගෙන සිටීමේ කාරිය පැවරී ඇත්තා සේ ලාංක්ය වාමන හෙවත් බහිරවයින්ට පැවරුහු කාරිය වන්නේ අතීත සමාජ සංස්කෘතික බර බද්දර ඔසවා සිටීමය. රාජ්‍ය සහ ආගම විසින් ඒ සඳහා හීලෑ කරනු ලැබ ඇති මේ දුක්ඛිතයක් ලේඛකයා දකින්නේ පැරණි සිංහල සමාජයේ විසූ පුදන ලද දාසයන් හෙවත් ආරාමදාසයින් ලෙසිනි, ආරාමදාසයෝ එදත් අදත් අප අතර වෙති. ඇතැම් දාසයින්ට දාසභාවය පදක්කමක් වෙද්දී තවත් පිරිසකට එය උරචක්රමාලයක් වෙයි. උරවක්රමාලය යනු මිනියෙන් සැදි දැළිපිහියක මුවාත් ඇති පැලඳි ගෙල කපා බස්නා ආභරණයකි. මේ නවකතාව මේ සියලු කාරණා තුළ ඔබේ භූමිකාව කුමක්දැයි ප්‍රශ්න කරයි.