Your cart is empty now.
"බෞද්ධ - මුස්ලිම් සංවාදය” (පොදු මානව ධර්මතා පිළිබඳ බුදුරජාණන් වහන්සේ සහ මුහම්මද් නබිතුමාණන් සමග) නමැති මෙම කෘතිය සම්පාදනය කිරීම මගින් අපි අපේක්ෂා සහගත ශාස්ත්රීය හා සමාජීය ගමනකට මුල පුරා ඇත්තෙමු. පුළුල් ගරු බුහුමනට පාත්රව ඇති ආගමික ඇදහීම් දෙකක් අතර අවබෝධය සහ එකමුතු බව ප්රවර්ධනය කිරීමේ පොදු දැක්මකින් යුතු ව අපගේ විශ්වාස සහ දැනුම ඒකාබද්ධ කරන්නට මෙම සාමුහික ප්රයත්නය හරහා අපි උත්සාහ කර ඇත්තෙමු.