Your cart is empty now.
මෙතැන් සිට සියවසක් පමණ ගිය පසු මිහි පිට ඇති වන සමාජයක් පසුබිම් කොට රචිත විද්‍යා නවකතාවකි. විද්‍යාව හා තාක්ෂණය මත ගොඩ නැගුණු එම සමාජය පාලනය වන්නේ ප්රජාතන්ත්රවාදී ප්‍රතිපත්ති මතපිහිටුවන ලද ජගත් රජයකිනි. අඟහරු ග්‍රහයා මත පදිංචි වූ මිනිසා සිකුරු ග්‍රහයා මත ද පදිංචි වීමට සූදානම් වෙයි. ගොඩ ගොවිතැන් අත්හැර දමා මුහුදේ ගොවිතැන් කරන මිනිසා මුහුද කොටු කොට, කිරටත් මසටත් තල් මසුන් ඇති කරයි.
දේව විශ්වාස මත ගොඩනැගුණු ආගම් අභාවයට යන අතර ඉතිරි වන්නේ වෙනස් වන ලෝකයේ යථාර්ථයට මුහුණ දිය හැකි බුදු දහම පමණි. එහෙයින් අනුරාධපුර වැඩ වෙසෙන අයිරිෂ් ජාතික සංඝනායක හිමියෝ ජගත් සමාජයේ ගෞරවාදරයට බඳුන් වූ නායකයෙක් වෙති. එතුමා තල්මසුන් ඝාතනයට විරුද්ධව ගෙනයන සටන මෙම නවකතාවේ ප්‍රමුඛස්ථානය ගනියි. ආතර් සී. ක්ලාක් 1956 දී 'ගැඹුරු මුහුද රචනා කළේ මෙකල තල්මසුන් ඝාතනයෙහි ඇති කුරිරුකමත්, අනුරාධපුර බෞද්ධ ශිෂ්ටාචාරය දැක පැහැදී පහළ වූ හැඟීමෙන් යුතු ව බුදු දහමෙහි සත්ත්ව කරුණාවට හිමි වන ස්ථානයත් ලෝකයාට පෙන්වා දීම පිණිස ය.