Rs 1,750.00
3 installments of Rs 583.33 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana Publishers
Type: Academics
Availability: 75 left in stock

සිංහල සමාජ ක්රමයේ ප්රධාන අංගයක් පිළිබඳව සිදු කළ ප්රථම පූර්ණ අධ්යයනය වන එම්. ඩී. රාඝවන් ගේ මෙම නිබන්ධනය, ලංකාවේ  මානව විද්යාත්මක පර්යේෂණ ක්ෂේත්රයේ වැදගත් ඉදිරි පියවරක් සනිටුහන් කරයි. නූතන ලංකාව ගොඩනැගීම සඳහා විවිධ මූලිකාංගයන් දායක වී ඇති අතර, ඉන් එකක්...

  • Name : Lakdiva Kaurawa Janaya - ලක්දිව කෞරව ජනයා
  • Vendor : Vidarshana Publishers
  • Type : Academics
  • Manufacturing : 2026 / 05 / 18

Guaranteed safe checkout

Lakdiva Kaurawa Janaya - ලක්දිව කෞරව ජනයා
- +

සිංහල සමාජ ක්රමයේ ප්රධාන අංගයක් පිළිබඳව සිදු කළ ප්රථම පූර්ණ අධ්යයනය වන එම්. ඩී. රාඝවන් ගේ මෙම නිබන්ධනය, ලංකාවේ  මානව විද්යාත්මක පර්යේෂණ ක්ෂේත්රයේ වැදගත් ඉදිරි පියවරක් සනිටුහන් කරයි. නූතන ලංකාව ගොඩනැගීම සඳහා විවිධ මූලිකාංගයන් දායක වී ඇති අතර, ඉන් එකක් වන කරාව කුලය පිළිබඳව පැහැදිලි කිරීමෙන්, සමස්තයක් ලෙස ලංකා සමාජය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමට කතුවරයා අත්යවශ්ය පියවරක් තබා ඇත. එහි ප්රතිඵලය කරාව ප්රජාවට පමණක් නොව සමස්ත ලංකාවටම වැදගත් වන අතර, මානව විද්යාත්මක අධ්යයනයන්හි පුළුල් අරමුණු සඳහා ද ඉවහල් වේ. කතුවරයා මීට පෙර ‘ලංකාවේ ජනවාර්ගික සමීක්ෂණ’ (Ethnological Survey of Ceylon) මාලාව යටතේ පළ කළ අධ්යයනයන්ට ආවේණික වූ සූක්ෂම ශාස්ත්රීයභාවය සහ ගැඹුරු අවබෝධය මෙම ග්රන්ථෙයන් ද මැනවින් නිරූපණය වේ. මෙය වේගයෙන් වෙනස් වන සමාජයක් පිළිබඳ කාලීන විස්තරයකි. මධ්යකාලීන යුගයේ සිට නූතන යුගය දක්වා ලංකා ඉතිහාසයේ වැදගත් කාර්යභාරයක් ඉටු කළ ජනකොටසක ගමන් මග හඹා යන මෙම ග්රන්ථය, සාම්ප්රදායික හා ඓතිහාසික පසුබිම හමුවේ කරාව සංස්කෘතිය නිවැරදිව තේරුම් ගැනීමට මෙන්ම ලංකා සමාජයේ අවම වශයෙන් වටහාගෙන ඇති අංගය වන ‘කුලය’ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ද දායක වේ. මෙම කෘතියෙන්, කුලය පිළිබඳ අධ්යයනය නව දෘෂ්ටිකෝණයකින් ප්රවේශ වී ඇත. එනම් කුලය යනු සමස්ත ඉන්දියානු උපමහාද්වීපයටම පොදු සංසිද්ධියක් ලෙසත්, එය විශේෂිත ප්රාදේශීය ස්වභාවයකට අනුකූලව යොදාගත හැකි ආකාරයත් මෙහිදී ඒකාබද්ධ කර ඇත.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid