Your cart is empty now.
සමාජ ප්රවණතා සමග භාෂාවෙහි සිදු වන වෙනස් වීම්, භාෂා අධ්යයනයෙහි නියැලෙන්නන්ගේ අවධානයට ලක් විය යුතු ය. සිංහල භාෂාධ්යයන විෂයයෙහි ලාද මෙම යාවත්කාලීන වීම වැදගත් ය. කෙවිඩ් වසංගතය සහ අතථ්ය මුදල් ක්ෂේත්රය ආශ්රිත අදහස් සිංහල භාෂාවෙන් සන්නිවේදනයත් සමග ඒ සඳහා අවශ්ය වාක්කෝෂ ක්රමයෙන් විකාසය වූ ආකාරය. ඒ ඇසුරෙන් හඳුනා ගත හැකි භාෂා ලක්ෂණ වැනි කරුණු මෙන් ම කොවිඩ් වසංගතය සහ අතථ්ය මුදල් ක්ෂේත්රය පාදක කර ගනිමින් සිංහලයෙහි නව පරිමිත ස්වරූප හඳුනා ගැනීම වෙත ද මෙහි ලා අවධානය යොමු කෙරේ.
සිංහල භාෂා අධ්යයනයෙහි නියැලෙන්නන්, සමාජ ප්රවණතා සමග වාක්කෝෂයෙහි ඇති වන ප්රවණතා නොවැදගත් යැයි නොසලකා ඒ සම්බන්ධයෙන් සාවධාන වීම වැදගත් ය. ප්රධාන අංශ දෙකට අමතර ව එවැනි ප්රවණතා කිහිපයක් පිළිබඳ සැකෙවින් ගෙන හැර දැක්වීම ද මෙහි දී සිදු වෙයි. කාලානුරූපී ව සිංහල වාක්කෝෂයෙහි ඇති වන ප්රවණතා විමර්ශනයත් ඒ ඔස්සේ නව පමිත ස්වරූප හඳුනා ගත හැකි ද යන කාරණය පිළිබඳ අවධානය යොමු කිරීමත් සඳහා මෙම කෘතියෙන් ඇයුම් කෙරේ.