Your cart is empty now.
වික්සර් ගොල්ට්කින්ගේ 'මගේ හොඳ කාන්නා' නම් මෙම යොවුන් නවකතාව කෝවියට් දේශයේ ළමුන් අතරේ අනිශයින් ආදරය දිනාගත් කෘතියකි. මෙම කෘතිය මගින් හොල්යාවකින් සිය ආදරණීය පියා ගැන සිහිපත් කරයි. තෙත්යා නම් සත් හැවිරිදි දරුවෙකුගේ දැසින් දිග හැරෙන මෙම කෙටි නවතතාව තුළින් බොකු නගරයේ ළමා විය, ස්වකීය බාල සොහොයුරු, මිත්රශීලී පවුල, අසල් වැසියන්ගේ චරිත හා සිය ළමා විය ගත වූ ව්යුහය ගැන මෙන්ම, මව්බිම වෙනුවෙන් සටනට ගොස් යළි නොපැමිණි ආදරණීය පියාණන් ගැන නේත්යා විස්තර කරයි. පියා නම් ගනි ගුණ ඇත්තෙකි. අවංකව ජිවත් වූ කෙනෙකි. දරුවන්ට මහත්සේ ආදරය කළේය. විසල් මනසකින් ලෝකය දෙස බැලීය. මව්බිම වෙනුවෙන් සිය යුතුකම් නොපිරිහෙළා ඉටුකළ උදාර මිනිසෙහි. සෞන්දර්යාත්මක හදවත් ඇත්තෙකි. ශ්රේෂ්ඨ සික්තෝබර් විප්ලවයෙන් පසු ධවල නමුදාවන්ගෙන් මව්බිම බේරා ගැනීමට සෙන්පති වනායෙව් නා එක්ව සටන් වැදුනෙකි. පසුව සංගීතඥයෙකු ලෙස සාමකාමී දිව්යක් ගත කළ සීනු හිට්ලර්ගේ නැසිස්ට් ජර්මන් නමුදා සිය මාතෘ භූමියට කඩා වැදුණු විට යුද්ධයේ දෙවන දිනයේම සටනට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අයෙකි.