Rs 450.00
Vendor: Progress Publishers
Type: Poetry
Availability: 100 left in stock

මෙම තරුණ කවියා හොඳ කවියක තිබිය යුතු අත්යවශ්ය අංග ගැන හොඳ අවබෝධයක් ඇත්තෙකි. ඒ අංගවලින් දෙකක් මෙසේය: කවියෙහි ආකෘතික සංරචනය හා කවිය මගින් කෙරෙන ගැඹුරු ආලෝචනයි. මේ දෙක අතර ඇත්තේ එකිනෙක පෝෂණය කරනසුලු සම්බන්ධයකි. මේ කවියා ඒ කාරණයද දනියි. ආධුනික...

Author:

Guaranteed safe checkout

Nagna Es - නග්න ඇස්
- +

මෙම තරුණ කවියා හොඳ කවියක තිබිය යුතු අත්යවශ්ය අංග ගැන හොඳ අවබෝධයක් ඇත්තෙකි. ඒ අංගවලින් දෙකක් මෙසේය: කවියෙහි ආකෘතික සංරචනය හා කවිය මගින් කෙරෙන ගැඹුරු ආලෝචනයි. මේ දෙක අතර ඇත්තේ එකිනෙක පෝෂණය කරනසුලු සම්බන්ධයකි. මේ කවියා ඒ කාරණයද දනියි. ආධුනික කවියන් ලියන්නට කැමැති බොහෝ අර්ථවත් තේමා තිබිය හැකිය. එහෙත් කෙතරම් අර්ථවත් වුවත් ඒ තේමා තමාගේ ජිවිතය හෝ අත්දැකීම ඇසුරින්ම පැන නගින බවක් නොපෙනෙන්නේ නම් කොතරම් එක්තරා ව්යාජ භාවයක් කවියෙහි පෙනෙන්නට වේ. කවියා තුළින්ම පැන නැග එන කවියකින් ගහක්, පූසෙක් හෝ පෙම්වතියක් වැනි සරල ' යැයි සම්මතමාතෘකාවක් ලියුව ද කවියෙහි අව්යාජත්වයක් පෙනේ. විශිෂ්ට කවියෙහි ගැඹුර එන්නේ මාතෘකාවෙන් නොවේ. කවිය නම් විශේෂ කලාවට ආවේණික ශිල්පීය අංග භාවිත කොට ඒ මාතෘකාව සමග ගනුදෙනු කරන ආකාරයෙනි. මේ කවියාගේ බොහෝ කවි සිත් ගන්නේ ඒ නිසාය. තමාට සමීප අත්දැකීමක් එහි ආරම්භක සීමාවෙන් එපිටට තල්ලු කර අර්ථකාරක රූපකයක් බවට පෙරළීමේ හැකියාව මේ කවියාට තිබේ. ඔහුට ඇති අභියෝගය වන්නේ ඒ ශක්තිය තවත් වර්ධනය කරගෙන අද සිංහල බසින් කවි ලියන ඉදිරි පෙළ කවි කිවිඳියන් සමූහය සමග එක්වීමය. දැන් දැන් තම පළමු පොත පළ කරන කවි කිවිඳියන් පවා ආරම්භ කරන්නේ සියුම් රසිකයන් තුළ බොහෝ අපේක්ෂා ඇති කරමිනි. මේ පොතෙහි ඇතැම් කවි කිහිප වරක්ම කියවූ මා තුළද ඇති වන්නේ එවැනිම අපේක්ෂාවකි.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid