Your cart is empty now.
කරුණාරත්න අබේසේකරයන් ගැන නොදන්නා කිසිවෙකු සිංහල පාඨක ලෝකයේ නැතැයි සැලකෙන පමණට ඔහු නම කාටත් හුරුය. ළපැටි පාසල් වියේ පටන්ම සරසවිවරම ලබා දහස් ගණන් කවි ලියා ඇති ඔහුට සිරිමතියගේ බැල්ම අතුනව ලැබී ඇති බව පලවන්නේ ඔහුගේ යස ඉසුරෙන් නොවේ. නොමසුරුව කවදත් ඔහුගේ මුව පුරා බැබලෙන ප්‍රසාදවත් සිනා රැල්ලෙනි.
කලක් තිස්සේ ලංකා ගුවන් විදුලියෙන් ශ්‍රාවකයන් රසවත් කිරීමෙහි යෙදුණු ඔහුගේ මට සිළිටි කට හඬ අදත් ඒ මගින්ම නිතර ඇසෙන්නේ තම ව්‍යාපාරයන් පිළිබඳව කිවයුතු දේ රසබරව ඔහුගේ මුවින් පවසා ගැනීමට ව්‍යාපාරිකයන් දරණ තරඟයේ ජය සංකේතයක් විලසය. සිංහල චිත්‍රපට ගීත අංගයෙහි ප්රමුඛ ගීත නිබන්ධකයා වශයෙන් ජයන්ති පිහිටුවා ඇති කරුණාරත්න අබේසේකරයන් රසවත් ප්‍රවෘත්තියක් ඉතා සැකෙවින් රසබරව දැක්වීම අතින් මේ පොත් පිංචෙන්ද විසුරුවා ඇත්තේ ඔහුගේ කවි, ගී වලින් කර ඇති පරිද්දෙන්ම කතා රුවන් කැට සමූහයක් විසුරුවා හැරීමකි. ඒ රුවන් කැට කරුණාරත්න චින්තා රත්නයන් වශයෙන් පාඨක ලෝකයෙහි බැබලෙනු ඇත