Rs 1,200.00
3 installments of Rs 400.00 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Vidarshana Publishers
Type: Other

රුසියාවට තොල්ස්තෝයි කෙනෙකු සිටින අතරේ, මැක්සිම් ගෝර්කි කෙනෙක්ද සිටියේය. චීනයට බා පින් කෙනෙකු සිටින අතරේ, ලු ශුන් කෙනෙක්ද සිටියේය. එහෙත්, ලංකාවට මාර්ටින් වික්රමසිංහ කෙනෙකු සිටියද ගෝර්කි හෝ ලු ශුන් හෝ පන්නයේ ලේඛකයකු නම් කරගන්නට අපි මෙතෙක් උත්සුක නොවූයෙමු.

දෙනගම සිරිවර්ධනයන්...

  • Name : Seba Manawa Hithawadiyekuge Kathawak | සැබෑ මානවවාදියෙකුගේ කතාවක් - නීතීඥ එස්.පී. පුංචිහේවා දිවිපෙවෙත
  • Vendor : Vidarshana Publishers
  • Type : Other
  • Manufacturing : 2026 / 03 / 16

Guaranteed safe checkout

Seba Manawa Hithawadiyekuge Kathawak | සැබෑ මානවවාදියෙකුගේ කතාවක් - නීතීඥ එස්.පී. පුංචිහේවා දිවිපෙවෙත
- +

රුසියාවට තොල්ස්තෝයි කෙනෙකු සිටින අතරේ, මැක්සිම් ගෝර්කි කෙනෙක්ද සිටියේය. චීනයට බා පින් කෙනෙකු සිටින අතරේ, ලු ශුන් කෙනෙක්ද සිටියේය. එහෙත්, ලංකාවට මාර්ටින් වික්රමසිංහ කෙනෙකු සිටියද ගෝර්කි හෝ ලු ශුන් හෝ පන්නයේ ලේඛකයකු නම් කරගන්නට අපි මෙතෙක් උත්සුක නොවූයෙමු.

දෙනගම සිරිවර්ධනයන් විසින් රචිත මේ කෘතිය අපට කියාපානුයේ කවර ජගතකුටවත් බිය වද්දා නිහඬ කළ නොහැකි, ගෝර්කි - ලූ ශුන් පරපුරේම, ඉන්ද්රඛිලයක් වන ලේඛකයකු අප දේශයද සතු බවය; පන්හිඳ ලෙළවා ඔහු පාන වදන් පෙළහර හමුවේ සකල පීඩකයන් තැති ගන්නායූරු හා නිර්පාක්ෂික නාම පුවරුවලට මුවා වී සිටින ඊනියා පඬිවරුන් මුහුණු සඟවාගන්නා අයුරුය; අව්යාජ අභිලාෂයකින් සන්නද්ධ වූ මානව වාදියකුට වාසිය රැඳුණු මාවතේ වෙනුවට යුක්තිය රැදුණු මාවතේ සෙවීම අසීරු නොවන සැටීය.

හී තුඩු පරයන තියුණු බස් වහරකටත්, සමාජ හා සංස්කෘතික යථාර්ථය විනිවිද දකින ඉසියුම් දේශපාලන දෘෂ්ටියකයටත් හිමිකම් කියන වස්.ජී. අපේ යුගයේ පෙරළිකාරී ලේඛකයන් අතළොස්ස අතර ප්රමුඛයා ලෙස හැඳින්වීමට මම කිසි සේත් මැළි නොවෙමි.

මානව සමාජය වඩාත් සුපුෂ්පිත කිරීමෙහි ලා වූ දැඩි කැප වීමකින් හා අදිටනකින් පන්හිඳ දරන වස්. ජී. පුංචිහේවා සහෘදයාට චිර ජීවනය පතමි.

කමල් පෙරේරා

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid