Rs 2,500.00
3 installments of Rs 833.33 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Saharakshi Publishers
Type: Other
Availability: 5 left in stock

මහා මුද්රාව තුළින් චකී ඒකත්වය සාක්ෂාත් කිරීම සඳහා, තමා හා අනුන් අතර පරතරය ඉවත්ව යා යුතු ය. සිද්ධවරයා හා අසල්වැසි සියලු දෙනා අතර සහානුභූතිය (හෘදයංගම බව) ඇතිවනු හා සමගම ඔහු ඉදිරියේ අමුතු සමාජ ක්ෂේත්රයක් විවෘත වන්නේ ය. ඔහුට සිතුවිලි කියවීමේ...

  • Name : Suwasu Siddha Yogihu - සුවාසු සිද්ධ යෝගීහු
  • Vendor : Saharakshi Publishers
  • Type : Other
  • Manufacturing : 2026 / 06 / 12
Author:

Guaranteed safe checkout

Suwasu Siddha Yogihu - සුවාසු සිද්ධ යෝගීහු
- +

මහා මුද්රාව තුළින් චකී ඒකත්වය සාක්ෂාත් කිරීම සඳහා, තමා හා අනුන් අතර පරතරය ඉවත්ව යා යුතු ය. සිද්ධවරයා හා අසල්වැසි සියලු දෙනා අතර සහානුභූතිය (හෘදයංගම බව) ඇතිවනු හා සමගම ඔහු ඉදිරියේ අමුතු සමාජ ක්ෂේත්රයක් විවෘත වන්නේ ය. ඔහුට සිතුවිලි කියවීමේ හා අනාගත සිදුවීම් දැකීමේ ශක්තිය ඇති වන බැවින්, අනෙක් අයගේ 'සාධන'යන් හරහා ඔවුන්ට මග පෙන්වීම කළ හැකි වන්නේ ය. එනම්, 'චක්ව දුක් විඳීමේ' හැකියාව ඔහුට ඇති වන්නේ ය. ඔහු ස්වයංක්රීයවම, ඉබේම, කොන්දේසි විරහිතව අන් අයට සේවය කිරීමට කැපවීම නම් වූ බෝධිසත්ව ප්රතිඥාව පරිපූර්ණ කිරීමට ක්රියා කරන්නේ ය. සියලු ජීවී සත්වයන් සමග ඒකීය බවට පත් වීමේ හැඟීම වධනය කිරීම සඳහා මෛත්රී, කරුණා, මුදිතා (අන් අයගේ සැපතේ දී සතුටු වීම), උපේක්ෂා යන සතර අපරිමාණ ධමයන් සූදානම් වීමේ භාවනාවක් ලෙස වැඩිය හැකි ය; මහාමුද්රා චීකත්වය එකී සමාජ ගුණාංගයන් ජනනය කරන්නේ ය. මෛත්රිය වැනි හැඟීම්වලින් එකී ඒකත්වය මතු කිරීමට උදව් ලැබේ. කථාවල සඳහන් සිද්ධවරයන් තුළ බොහෝ විට රූමත් ස්ත්රියකට වුවද, කුසගින්නේ පෙළෙන බලු පැටියෙකුට වුවද ක්ෂණික (මෛත්රී සහගත, කරුණා සහගත) හැඟීමක් පහළ වූයේ ය. සිද්ධාචාර්යවරුන්ගේ ගීත, ස්ත්රීය කෙරේ වූ ආදර කරුණා හැඟීම්වලින් පිරී පවතී. මහා මුද්රා ඒකත්වයේ ද්විත්ව මූලධර්මයන් වන්නේ උපාය කෞශල්යය හා මහා ප්රඥාව ය. පළමුවැන්න පුරුෂ මූලධර්මය ය. දෙවැන්න ස්ත්රී මූල ධර්මය ය.

කවරයේ රේඛා චිත්රය 'හියු ආර්. ඩවුන්ස්' (Hugh R.Downs) චිත්ර ශිල්පියා විසින් අඳින ලද්දකි.

Translation missing: en.general.search.loading
Liquid error (layout/theme line 156): Could not find asset snippets/cleanb-js.liquid