Your cart is empty now.
බුදුන් වහන්සේ සහ එකල ජීවත් වූ දාර්ශනිකයකු අතර සිදු වූ කෙටි සාකච්ඡාවක් මගේ මතකයට එයි:
“බුදු දහම සත්යාවබෝධය සඳහා වන ධර්මයක් යැයි මම අසා ඇත්තෙමි. ඒ සඳහා ඔබ වහන්සේ අනුගමනය කරන්නේ කුමන ක්රමයක් ද? දෛනික වශයෙන් ඔබ වහන්සේ අභ්යාස කරන්නේ කුමක් ද?”
“අපි ඇවිදිමු. අපි ආහාර වළඳමු. අපි ස්නානය කරමු. අපි අසුන් ගනිමු…. ”
“ඒ තුළ තිබෙන විශේෂත්වය කුමක් ද? හැම දෙනාම ඇවිදිති. ආහාර ගනිති. ස්නානය කරති. අසුන් ගනිති….”
“පින්වත, ඇවිදින කල්හි, ඇවිදින බව අපි දනිමු. ආහාර ගන්නා කල්හි, ආහාර ගන්නා බව දනිමු… වෙනත් අය ඇවිදින කල, ආහාර ගන්නා කල, ස්නානය කරන කල හෝ අසුන් ගන්නා කල, ඒ කරන ක්රියාව ගැන ඔවුහු සිහියක් ඇති කර නොගනිති.”
“එක දෙයක් පවතී ද, සියල්ල ම පවතී. දූවිලි බිඳක් පවා. එක දෙයක් ශුන්යය ද, සියල්ල ම ශූන්යය ය. සමස්ථ වීශ්වය ම පවා.”
“අප යම් දෙයක් නිරපේක්ෂ සත්යයක් යැයි විශ්වාස කර එහි එල්ලී සිටින කල, අපට අලුත් අදහස් කෙරෙහි විවර විය හැකි නොවන්නේ ය. සත්යය ම පැමිණ අපේ දොරට තට්ටු කළත් අපි දොර අරින්නට ඉදිරිපත් නොවන්නෙමු.”
“සෙන් භාවනාවෙහි යෙදෙන්නට කලින්, ගංඟා ගංඟා වූයේ ය. කඳු කඳු වූයේ ය. මා සෙන් භාවනාවේ යෙදෙද්දී ගංඟා තවදුරටත් ගංඟා නොවන බවත්, කඳු තවදුරටත් කඳු නොවන බවත් දුටිමි. දැන් මම නැවැත කඳු කඳු ලෙසත්, ගංඟා ගංඟා ලෙසත් දකිමි.”
🌸”කුසුමක්, පෙති පහක්,
සදාකාලීන බීජ
රහස් වදන්, ගුප්ත සංකේත
සහ එවන් දහසක් දේ
නිර්මල ස්වභාවයෙන් යුතු මනෝ මුද්රාවට
අයත් වේ යැයි කයනු ලැබේ.
නමුත්, දඹදිව කොහි ද ?
එය ඇත්තේ මෙතැන ම ය. මේ දැන් ම ය.”