Rs 580.00
3 installments of Rs 193.33 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Saharakshi Publishers
Type: Other
Availability: 4 left in stock

අප යම් හෙයකින් ශුන්ය නොවන්නෙමු නම්, අප හුදෙක්ම මෘත පදාර්ථ පිණ්ඩයක් විය යුතුය. එවිට අපට හුස්ම ගන්නට, සිතන්නට හැකි වන්නේ නැත. ශුන්ය වනවා නම් සජීවී වන්නේය, හුස්ම ගැනීමට හා හුස්ම පිට කිරීමට හැකි වන්නේය. ශුන්ය නොවී අපට සප්රාණික විය නොහැකිය....

Guaranteed safe checkout

Awabodhaye Hadawatha - අවබෝධයේ හදවත
- +

අප යම් හෙයකින් ශුන්ය නොවන්නෙමු නම්, අප හුදෙක්ම මෘත පදාර්ථ පිණ්ඩයක් විය යුතුය. එවිට අපට හුස්ම ගන්නට, සිතන්නට හැකි වන්නේ නැත. ශුන්ය වනවා නම් සජීවී වන්නේය, හුස්ම ගැනීමට හා හුස්ම පිට කිරීමට හැකි වන්නේය. ශුන්ය නොවී අපට සප්රාණික විය නොහැකිය. ශුන්යතාවය යනු අනිත්යය ස්වභාවයයි; එයම චලනයයි. ඉතින් අපි අනිත්ය ගැන කරදර නොවිය යුත්තෙමු. මන්ද යත් අනිත්ය නොවන්නේ නම් කිසිවක් පවතින්නේ ද නැත.

මහා බ්රිතාන්යයෙන් මා හමුවීමට පැමිණි එක්තරා බෞද්ධයෙක් ‘ජීවිතය අහෝ ශුන්යය, අනිත්යය’, යනුවෙන් මැසිවිලි නගන්නට පුරුදුව සිටියේය. (ඔහු බෞද්ධයකු වී වසර පහක් ගෙවී තිබුණ අතර ශුන්යතාව හා අනිත්යතාව ගැන බොහෝ කල්පනා කර තිබුණි.) එහෙත් එක් දිනක් ඔහුගේ දහහතර හැවිරිදි දියණිය මෙසේ ඔහුට පවසා තිබුණි. ‘තාත්තා, අනිත්යතාව ගැන කරුණාකර චෝදනා පැමිණිලි කරන්න එපා. අනිත්යතාව නැත්තම් මම වැඩෙන්නේ කොහොමද?’ ඇත්තෙන්ම ඇය හරියට ම හරි !

Translation missing: en.general.search.loading