Your cart is empty now.
˝බෝට්ටු සවාරිය” නමින් මේ පළවනුයේ ජෙරෝම් කේ. ජෙරෝම් විසින් 1899 දී ලියා පළ කරන ලද THREE MEN IN A BOAT නමැති හාස්‍යයෙන් හා උපහාසයෙන් පිරි ලෝක ප්‍රකට නවකතාවයි.
ඉතා සුළු කලක දී එංගලන්තයේ පමණක් මිලියනයකට වඩා අලෙවි වූ මෙම නවකතාව අනවසර ලෙස මුද්‍රණය වී ඇමෙරිකාවේ ද මිලියනය ඉක්මවා අලෙවි වූ බව කියවේ. යුරෝපීය භාෂාවන් ගණනාවකට මෙන්ම ආසියාතික භාෂාවන් ගණනාවකට ද පරිවර්තනය වූ මෙම කතාවේ රුසියානු පරිවර්තනය ද ඉතා ජනප්‍රිය විය. මෙහි ජර්මන් පරිවර්තනය පාසල් පොතක් වශයෙන් ද පරිශීලනය විය.
ලන්ඩනයේ සිට තෙම්ස් නදිය දිගේ ඉහළට බෝට්ටු සවාරියක යෙදෙන තරුණයන් තිදෙනකු මුහුණ දෙන විවිධ විකාර සිද්ධි හා ඒවාට අනුබද්ධ කතා ගණනාවක් ද රැගත් මෙම ප්‍රබන්ධය තුළින් කතුවරයා හාස්‍ය රසය හා උපහාස රසය මවා ඇත්තේ සාමාන්‍ය මිනිස් චර්යාවන් හා සිතුම් පැතුම් අතිශයෝක්ති අලංකාරයෙන් වර්ණවත් කරමිනි.