Your cart is empty now.
ළමා සහ යොවුන් ප්‍රේක්ෂකයන් සඳහා වූ සංගීත නාට්‍ය සාහිත්‍යයක් හා සංගීත රංග නිෂ්පාදන අපේ රටේ දක්නට නැති තරම්ය.
මේ අවාසනාවන්ත තත්ත්වය ගැන සැලකිලිමත් වෙමින් ප්‍රකට නිර්මාණකරුවකු සහ රංග කලා විද්වතෙකු වන සුනිල් විජේසිරිවර්ධන, චෙරී කැටය හා පිච් ඇටයේ කතාව යන ළමා හා යොවුන් සංගීත රංග පිටපත් දෙක මේ ග්‍රන්ථය මගින් පාඨකයා වෙත ඉදිරිපත් කරයි.
මෙහි ඉලක්ක පාඨකයා වන්නේ දෙමවුපියන්, ගුරුවරුන් සහ යොවුන් රසිකයින්ය. ‛වෙරී කැටේ’ කතාව දෙමවුපියන් සහ ගුරුවරුන් විසින් දරුවන්ගේ වයස් ප්‍රමාණ අනුව, අවශ්‍ය නම් කරුණු තෝරා බේරා දෙමින්, ඔවුන් සමග කියවිය හැකි වේ යැයි අපේක්ෂිතය.
' පීච් ඇටේ' කතාව, යොවුන් පාඨකයන් මෙන්ම ගුරුවරුන් සඳහාද ශේෂයෙන් සුදුසුය.