Your cart is empty now.
මෙම කෘතිය, අ.පො.ස. (උසස් පෙළ) දේශපාලන විද්යාව උගන්වන ගුරු භවතුන්ටත්, විශ්ව විද්යාලයේ ප්රථම වසරේ ශිෂ්ය ශිෂ්යාවන්ටත් ප්රයෝජනවත් වන පාඨ ග්රන්ථ මාලාවක පළමුවැන්න වේ.
දේශපාලන විද්යාවේ සමකාලීන ප්රවණතා, දකුණු ආසියාතික අවධානයක් ද සහිතව සාකාච්ඡා කිරීම මෙම කෘතියේ ඇති විශේෂත්වයයි.
මෙහි ඇති පරිච්ඡේද ගොඩ නගා ඇත්තේ " දේශපාලනය" සහ "දේශපාලන විද්යාව" යන මූලික තේමා දෙක වටාය. ශ්රී ලංකාවේ දේශපාලන විද්යාව ඉගෙනීමේදීත්, ඉගැන්වීමේදීත් එම විෂයයේ මූලික සංකල්පවලට ආපසු යැමේ ඇති වැදගත්කම එයින් අවධාරණය වේ.
සාමාන්ය පුරවැසියන් සහ දේශපාලන වෘත්තිකයන්ද දේශපාලනය ගැන දක්වන උනන්දුව අලුත් කිරීම මෙම පොත් පෙළේ තවත් අරමුණකි.