Rs 250.00
3 installments of Rs 83.33 & get up to 4% Cashback with Mintpay Mintpay Education
Vendor: Agahas Publishers
Type: Poetry
Availability: 3 left in stock

සුනිල් එස්. සිරිසේන යන නම, මෙරට කාව්ය ක්ෂේත්රය තුළ ප්රකට නමක් නොවුණ ද හිත මිතුරන්ට ඔහුගේ කවිකම රහසක් නොවී ය. අතරින් පතර කවි ලියුවද ඔහු ඒවා පළ කිරීමට කිසිදු උනන්දුවක් නොදැක්වී ය. එහෙයින් මෙම කාව්ය සංග්රහය මග හැරී යාමට තිබූ...

Guaranteed safe checkout

Iri Saha Thawath Iri - ඉරි සහ තවත් ඉරි
- +

සුනිල් එස්. සිරිසේන යන නම, මෙරට කාව්ය ක්ෂේත්රය තුළ ප්රකට නමක් නොවුණ ද හිත මිතුරන්ට ඔහුගේ කවිකම රහසක් නොවී ය. අතරින් පතර කවි ලියුවද ඔහු ඒවා පළ කිරීමට කිසිදු උනන්දුවක් නොදැක්වී ය. එහෙයින් මෙම කාව්ය සංග්රහය මග හැරී යාමට තිබූ අවස්ථාවක්, ප්රමාද වී හෝ ඉටු වීමක් ලෙස අපට සතුටු විය හැකි ය.

පාසල් වියේ සිට ම වැඩුණු රස වින්දන ශක්තියක් පල කළ සුනිල්, කවියෙන්, ගීත රචනයෙන් හා නාට්ය රචනයෙන් තම කුසලතා විදහා දැක්වී ය. කටුගස්තොට ශාන්ත අන්තෝනි හා මහනුවර ධර්මරාජ විද්යාලයන්හි ඉගෙනුම ලැබූ සුනිල්, ඉන්පසු පේරාදෙණිය විශ්වවිද්යාලයෙන් ආර්ථික විද්යා ගෞරව උපාධියක් ලැබී ය. කොළඹ විශ්ව විද්යාලයෙන් පශ්චාත් උපාධි ඩිප්ලෝමාව, සංවර්ධන පරිපාලනය පිළිබඳ උසස් අධ්යාපන සහතිකය ද ලබා ගන්නා සුනිල් පසුව ශ්රී ලංකා පරිපාලන සේවයට ඇතුළත් වෙයි.

අධ්යාපන අමාත්යාංශය, වෙළෙඳ අමාත්යාංශය හා රැකියා ප්රවර්ධන අමාත්යාංශයේ ලේකම් තනතුර ද ආරක්ෂක අමාත්යාංශයේ අතිරේක ලේකම් තනතුර ද හෙඹ වූ ඔහු, ජාතික චිත්රපට සංස්ථාවේ හා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ධුරයන්හි ද කටයුතු කළේය.

Translation missing: en.general.search.loading