Your cart is empty now.
1939 වන විට, මුළු ලොවිත් සැලකිය යුතු පෙදෙසක් හිට්ලර් විසින් ඇරඹි දෙවන ලෝක මහා සංග්රාමයට නතුවෙමින් තිබුණි. එවිට අල්මා බෙලැස්කෝ නම් දරුවාගේ ආරක්ෂාව පිණිස ඇයව ධනයෙන් ආඪ්ය වූ ඇගේ නැන්දනියගේ එක්සත් ජනපදයේ සැත් ප්රැන්සිස්කෝහි පිහිටි මහා මන්දිරය වෙත යවනු ලැබී ය. එහිදී ඇගේ නැන්දනියගේ ජපන් ජාතික උද්යාන පාලකගේ පුතකු වූ ඉකිමෙයි සහ අල්මා තර මෘදු ආදරයක් හටගත්ත ද, ඔවුනට එය සදාතනිකව සඟවා තබා ගැනීමට සිදු විය.
දශක ගණනාවක් ගෙවී යත්ම අල්මාගේ දීර්ඝතම සිද්ධිපූර්ණ ජිවිතයේ කෙළවර ළඟාවෙමින් තිබිණි. ඒ ජීවිතයේ අවසාන කාල පරිච්ඡේදයේ දී ලොක් හවුස් නම් වූ සාත්තු නිවාසයක දී, ඇයට සහ ඇයගේ මුණුපුරු සෙත්ට, එහි සේවයේ නියුතු සාත්තු සේවිකාවක වූ ඉරිනා නම් වූ තරුණිය මුණ ගැසෙයි. ඔවුන් අතර මිතුදමකට ද වැඩිමනත් වූ ලෙන්ගතුකමක් උපත ලබයි. ඒ අනුව සෙත් සහ ඉරිතා, අල්මා සහ ඉකිමෙයි අතර වූ සරාගී ආදරය පිළිබඳ සෙවීමට උනන්දුවකින් මෙහෙය වනු ලැබ, ඒ රහසිගත ආදරය වසර හැත්තෑවක් තරම් වූ දීර්ඝතම කාලයක් පුරා අභිරහසක් ලෙසට පවත්වා ගෙන ගිය අන්දම සහ එහි අනභිභවනීය ස්වරූපය පිළිබඳව ද ඔවුන් ගවේශණය කරගනිති.