Your cart is empty now.
මුහුදු ගමන් මාර්ග විස්තර වාර්තා මෙන් ම, විවිධ යුගවල ලේඛකයින් විසින් කරන ලද සොබාදහම ගැන වර්ණනයන් දීර්ගකාලීන ව හැදෑරූ මට, සොබාදහමේ සංසිද්ධීන් නිසා ඇතිවන හැඟීම් විවිධ යුගවල දී කොහෙත් ම ඒකකාරී නොවන බව ඒත්තු ගත හැකි විය. කර්තෘගේ වෘත්තීය මෙන්ම, සමාජයේ කුමන පිලකට ඔහු අයත් වන්නේ ද යන්න ද ඒ වර්ණනයන් කෙරෙහි බලපායි.
මධ්යම සියවස්වල ලේඛකයන්ගේ වදන් කෙරෙහි විශ්වාසය තබමින්, මම ඒ කාලයේ සොබා දහම සිහියට නඟා ගන්නේ, නූතන කාලයට වඩා රළු හා පැහැදිලි අන්දමිනි. හරියට ඝනකම ලීයකින් කපා නිම කළ දෙයක් ලෙසිනි.