Your cart is empty now.
දහනවවන සියවසේ යුරෝපයේ ඇරඹුණු, උපස්ථිතිවාදී චිත්ර ප්රවණතාවේ පුරෝගාමීයකු වන වින්සන්ට් වැන් ගෝ, එම ක්ෂේත්රයේ පහළ වූ මුනිවරයෙකි. සාමාන්ය මිනිසකු ලබන, ඇලුම් බැඳුම් ලැබීමට වාසනාව නොලද, තමාට නිසගයෙන්ම උරුම වුණු, නිර්මාණ කෞශල්යය පමණක්ම ඔහුගේ තනි නොතනියට සිටී, මේ සද් ගුණවත් මිනිසා, චිත්ර කලාව තුළින්ම තම ජීවිතප්රකාශනය ගෙන හැර දැක්විය. චිත්ර කලාවත්, ජීවිතයත් ඔහුට දෙකක් නොව එකක්ම විය. අන්ත කටුක දුක් පොදි, ඔහු පා තැබූ තැබූ තැන ඔහු පිටුපස පැමිණියේය. එදුක් මැද ඒ පීඩනය තාපස ව්රතයෙන් විඳ දරාගෙන තම හෘද අභ්යන්තරයෙන්, උපුටාගත් හෘදය සංවේදනාවන් ඔහුගේ තෙලි තුඩ තුළින් ඇඳ දැක්වීය. එකී චිත්ර අද මිනිස් වර්ගයා වෙත පිරිනමන ලද මහත් ධන නිධානයන් වැනිය.