Your cart is empty now.
සිහිය ආ රෝස්මර් තමන්ගේ උදරය දෙස බැලුවාය.
එය සැහැල්ලු වී ගොසිනි.
එනම්, දරුවා බිහි වී ඇත.
ඒත් කෝ ඔහු?
"දරුවා නැති වුණා රෝස්මර්..." දොස්තර සැපර්ස්ටයින් කීවේය.
කොහෙන්ද ඒ ළදරුවකුගේ හැඬුම ඇහෙන්නේ?
තමන් සිටින මහලෙන්ම නොවේද? මේ තරම් කලකට මේ මහලේ වෙනත් ළදරුවෙකු නොසිටි බව රෝස්මට සහතිකය! " ඒ මගේ බබාද?"
රෝස්මර් ඒ හඬ ඔස්සේ යන්නට තීරණය කළාය.