Your cart is empty now.
අප වඩා වගකිව යුතු ආකාරයකට ජීවත් වන්නට පටන් ගනිද්දී, අප අපගේ දේශපාලන නායකයන් හට ද, එම මග ම ගන්නා ලෙස කිව යුතු වන්නේ ය. අපගේ පරිසරය සහ අපගේ විඥානය දූෂණය කිරීම නතර කිරීම සඳහා අප ඔවුන් ධෛර්යමත් කළ යුතු වන්නේ ය. සාමය සම්බන්ධ අප දරන අදහස්, මතිමතාන්තර සහිත උපදේශකයන් පත් කරනු සඳහා අප ඔවුන් හට උපකාරී විය යුතු වන්නේ ය. විශේෂයෙන් ම දේශපාලන නායකයන් නිළතල සඳහා සටන් වැදි සිටින බැවින් ඔවුන් හට උපකාරී වීම උදෙසා අප තුළ යම් ආකාරයක මනා අවබෝධයක් තිබිය යුතු වන්නේ ය. රූපවාහිනිය බලමින් ලස්සන දේශපාලකයන් තෝරාගනු වෙනුවට, අනතුරුව ඔවුන්ගේ කටයුතු බලමින් අධෛර්ය වනු වෙනුවට අප කළ යුත්තේ ඔවුන්ට වැදගත් දේ කියාදීම ය.