Your cart is empty now.
දඩයක්කාරයා ඇය අත හැරියේ ය.
ඔහු විස්මයෙන් ඇලළී දෑස පිසදා බැලුවේ ය.
සලිත වී ගිය බෙරකාරයාගේ දුව කොයිබ ද?
ගල් කන්ද පැළී විවර වන්නට
ගිගුම් දීගෙන ගැසූ බෙරය කොයි ද? බෙරකාරයාගේ දුව දණින් වැටී
බෙරය බදාගෙන සිටියා ය.
මා වෙතට එව දැරීය.
ඈ බෙරය අත හැරියා ය.
එය පෙරළී ගොස් ගල් බෑවුම දිගේ
පහළට වැටී වනාන්තරයේ ගස් මුදුන් උඩට වැටෙනවා බොල් හඬින් ඔහු හැඳින්නේ ය.
Handpicked reads you’ll love.