Your cart is empty now.
"පුතා ඔය පිටිපස්සෙ තියෙන ටින් කබල්වලට වෙඩි තිබ්බට කමක් නෑ. මං දන්නවා ඔයා කුරුල්ලන්ට කුරුමානං අල්ලන විත්තිය. ඒත් බටිටිච්චන් නම් වෙඩි තියන්න එපා පුතා. උන් මරණ එක පවක්." දවසක් තාත්තා අයියට කීවා. ඒ තමයි තාත්තා පවක් ගැන කී පළවෙනි වතාව. මං ඒ ගැන මෝඩී මිස්ගෙන් ඇහුවා. "ඔයාගෙ තාත්තා හරි. බට්ටිච්චො කරන්නෙ අපිව සතුටු කරන්න සින්දු කියන එක විතරයි. වළවල්, පලතුරු විනාස කරන්නෙ නෑ. ඒ හින්දා උන්ව මරන එක පවි." සත්ය වශයෙන්ම බට්ටිච්චෙකු වන් අහිංසක කළු මිනිසෙකුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් සමාජ අපවාදයටද, වෛරයටද පාත්ර වන නීතිවේදී පියෙකුගේ නව හැවිරිදි දියණිය වන ස්කවුට්ගේ දැකීම් තුළින් ගොඩනැගෙන මේ අපූරු නවකතාව කලාතුරකින් කියවන්නට ලැබෙන රසවත් කෘතියකි.