Your cart is empty now.
කඳුකරයේදී ඔබ ඇස ගැටෙන හුදෙකලා ගොඩැල්ලක් යට සැමරුම් විරහිතව සදාකාලික නින්දට එළැඹ සිටින්නේ ඔවුන´ තරින් කිසිවෙකු වන්නට පුළුවන. අනුකම්පා විරහිතව තමන්ගේ හදබිමෙන් පලවා හරින ලද ඒ ගැහැනුන්ගේද මිනිසුන්ගේද කතාව ඉතිහාසයේ අඳුරු මුල්ලක සඟවා වසං කරනු ලැබ ඇත.
උදුරා ගත් බිම් අස්වද්දන්නට රැගෙන ආ අර්ධ වහලුන් සේ සැලකුම් ලද්දවුන්ද ඒ මුල් උරුමකරුවන් හා සරීවම නොසලකා හැර ඇත්තේ සියක් වසකට පසුවත් රැවටිලි සහගතප්රලාප වල ගොදුරක්ව සිටිති.
ඉතිහාසයේ කම්පා සහගත කුණාටු අතරින් ඇවිදිමින් ඒ කඳුකර මිනිසුන්ගේ ඇත්ත කතාව කියවමු.