Your cart is empty now.
රාජ්‍ය විරෝධී අරගලකරුවන් සහ මර්දනකාරී ආණ්ඩුවක ගැටුම් මැද ඇඳිරි නීතිය රජයන දවසක්, තම නිවෙස බලා යාමට ඇඳිරි නීතිය හේතුවෙන් බාධා පැමිණුන විවාහක තරුණ කතක්, තම නිවෙසේ ඇය රඳවා ගත් ඇගේ මිතුරිය සමඟ අනපේක්ෂිතව ඇරඹෙන අනුරාගී, සමකාමී සැරියක්. ජීවිතයේ එක් මොහොතක තමන් නොදැනුවත්වම පටලවා ලද දැලක කොටු වී කාමෝත්සවයක ගොදුර බවට පත් ධනපති ව්‍යාපාරිකයෙක්. ඔහුගේ ඡායාරූප අවිය කොටගෙන මුදල් සොයන්නට තැත් දරන මාධ්‍යකරුවෙක්. බිහිසුණු පාලනයක ගෝඩ් ෆාදර්ගේ චරිතය හොබවන තීක්ෂණ සිවලෙක්. ලිංගිකත්වය, මාධ්‍ය මාෆියාව, අවි ගැටුම්, බලය උදෙසා දංගෙඩියට තැබෙන මිනිස් ජීවිත. මේ පේරුව පිළිබඳ කතාවකි. නැත, එය ඔබට ද තම මුහුණ දකින්නට කැඩපතකි.