Your cart is empty now.
වංශවතුන්ගේ කැදැල්ල යනු විචාරකයන් විසින් ඉවාන් තුර්ගේ තෙව්ගේ අග්ර කෘතිය වන පියවරු සහ පුත්තු හා සමතැන් ගත්තා අනෙක් නවකතාව සේ පිළිගනු ලබන කෘතියයි. එසේම දහනම වන සියවසේ අවසානය දක්වාමි වැඩියෙන්ම කියවනු ලැබූ කෘතීන් අතරින් එකක් ලෙස ද මෙය සැලකෙයි. වංශවත් පවුල් කිහිපයක ජීවන පුවතක් සේ ඇදියන මේ මුළු කෘතිය පුරාම අඛණ්ඩ හුයක් සේ මතුව පෙනෙනා එක් ලක්ෂණයක් වනුයේ යුරෝපියානු සංස්කෘතිය කෙරෙහි රුසියානු බුද්ධිමත් පර්ශද අතර පැවති සංවාදයන් සහ විසංවාදයන්හි සෙවණැල්ලයි. ඒ අතරම එය යුරෝපියානු අධ්යාපනය ලද, යුරෝපියානු ඇවතුම් පැවතුම් මුළු හදිත්ම ග්රහණය කරගත් උගත් එනමුදු සිය සමාජයට පිටස්තර බවට පත්, රුසියානු සමාජයෙන් පරාරෝපිත තරුණයන් පිළිබඳව අවධානය යොමු කරයි. මේ සියල්ල යටින් දිවෙනා මානව ප්රේමය සමස්ත කෘතියම ඉහළටම ඔසවා තබන්නේ යෞවන අවධිය සහ බිඳවැටුණු පෙම අතරින් මහලු විය කරා පියනගත මිනිස් හදවතක ලසෝ ගීතය අපූර්ව ආකාරයට වදනට නඟමිනි.
මෙහි එන ලැව්රෙට්ස්කි සහ ලීසා අතර වත ප්රේමය සහ එහි බිඳවැටීම හමුවේ ඔවුන්ගේ ජිවිත තුළ හට ගත්තා කැළඹීම අතිශය සංවේදී ලෙසින් ඉවාන් තුර්ගේ තෙව් අතින් ප්රතිනිර්මාණය වන්නේ රුසියානු සාහිත්යය යනු යල්පිනූ සාහිත්ය දඟරාවක් නොවන බව අපට යළි පසක් කරමිනි.