Your cart is empty now.
ආදරය කියන්නෙත් ණයක්. අපිට ලැබුණම ආපහු දෙන්න ඕනේ. අපි දුන්නම ආපහු ලැබෙන්නේ නෑ. ජීවිතය කියන්නෙත් ඉල්ලන්නෙම නැතුව හම්බ වුණු ණයක්. ඒක ගෙවලම ඉවර කරන්න ඕන. සල්ලිවලින් ගන්න ණය විතරක් නෙමෙයි ණය - මහේල
මිනිස්සු කවුරුත් මාව සීරියස් ගත්තේ නෑ. සල්ලිකාර විසේකාර ගැනියෙක් විදියටයි උන්ට මාව පෙනුණේ. ඔයාගේ ගෙදර ඇතුළේ ආදරේ පිරිලා තියෙනවා මම දැක්කා. ඒකයි මම එහේ ඇවිත් නතර වුණේ - විත්යා
ස්නෝ වයිට්ට ආපහු රජ මාළිගාවට යන්න පුළුවන් වුණේ මැරිලා ඉපදුණාට පස්සේ. මටත් අලුත් ගෙදරකට යන්න වෙන්නේ එහෙමද? - සෙහස්
ළමයෙක් නිසා මගේ ජීවිතේ හොඳම කාලය විනාශ කරගන්න මට බැහැ - කල්පනී
උඹ හරි ආදරණීය මිනිහෙක්. ඒත් උඹ ගෑනුන්ව තෝර ගන්නේ මෙන්ටලි ඩැමේජ්ජා බියෝන්ඩ් රිපෙයාර් කියන කැටගරියට ගිහිල්ලද? - සෙව්වන්දි
ඇබ්බැහියෙන් මිදෙනෙක හරි පහසුයි. මම එකසිය විසිහත් වතාවක් සිගරට් බීම නවත්තලා තියෙනවා.
ඇබ්බැහිය නවත්වන එක පුරුද්දට ගියාම ඒක නවත්ත ගන්නයි අමාරු - අරවින්ද