Your cart is empty now.
පුරාණ ජනකතාකරුවා, හිටිවනම නොපෙනී ගිය අපේ කවිකොළ ගයන්නා, අතිනූතනවාදී විද්යා ප්රබන්ධ කතාකරුවා මෙන්ම, පියෙර් පාඔලෝ පැසොලිනි, මාගරට් ඇට්විඩ්, පිළිකුත්තුවේ කමලා, රංචාගොඩ ළමයා, වැනි කතා කියන්නන්ගේ උමතු, ආනන්දජනක ආඛ්යාන මෙම කෙටිකතා කියන්නට වේදිකාව තනයි.
මේ කෙටි වෘත්තාන්තනැවත නැවත කඩාපනින ඉතිහාසයක අපූරු ජයග්රහණවල විභවයෙන් සමූහ පොපොච්චාරණයක යෙදෙමින්, අලංකාර යථාර්ථවාදයෙන් පොහොසත් වෙමින්, ස්වයං විවේචනාත්මකව අප සුවපත් කරයි.