Your cart is empty now.
මෙහි කතා කරන්නේ හොඳ ළමුන් පිළිබඳව ය. සමහර විටෙක දඟ වැඩ, මැරෑටි වැඩ සහ මෝඩකම් ද කරන නමුදු ඔවුහු හොඳ ළමෝ වෙති. යුද්ධයෙන් පසු ගෙවුණු අසීරුතා මැද ජිවත් වූ ළමුන් වූ ඔවුහු ජීවිතයේ සුභවාදීත්වය සහ මිත්රත්වයේ සුන්දර බව කියාපාති. ළමා වියට උරුම සොදුරු සිහින ගැන කතුවරයා කතා කරන්නේ ඔවුන් හෙට දිනයේ වැඩිහිටියන් වෙන්නට සිටින අය බව හොඳින් සිහියේ තබාගෙන අවංක සිතිනි. "මා සිතන්නේ දරුවන්ගේ දුක් කරදර හුදු සුළුපටු ඒවා නොවේ කියා ය. දරුවන්ගේ දුක් කරදර වැඩිහිටියන්ගේ ද දුක් කරදර විය යුතු ය. දරුවන්ට ඔවුන්ගේ ම වූ ශෝකයන් ඇත්තේ ය, තම අහිමිවීම් ගැන විදවීම් ඇත්තේ ය. මේවාට ගරු කළ යුතු ය. මේවා බැරෑරුම්ව සැලකිය යුතු. " යි කියා ඔහු පවසයි.
මේ පොත හෙට වැඩිහිටියන් වෙන්නට සිටින දරුවන්ට මෙන් ම ඊයේ දරුවන්ව සිටි අද වැඩිහිටියන්ට ද එක සේ වැදගත් වෙනවා මෙන් ම රසවත් එකකි.