Your cart is empty now.
ඔබේ මුලික පරමාර්ථය මේ මොහොතෙන් ඉවතට ගත නොහැක්කකි. එබැවින් එය කාලය ප්‍රතික්ෂේප කරන්නකි. ඔබගේ මුළු ජිවිත ගමනම සමන්විත වන්නේ ඔබ මේ මොහොතේ තබන පියවරෙන් බව ප්රත්යක්ෂ කිරීමෙනි.
“කිරීම” යන්න ප්රාකෘතික පැවැත්මේ අකාලික ගුණය හා සම්බන්ධ වූ විට එය සාර්ථකත්වයයි. කරන දෙය තුළට ප්රාකෘතික පැවැත්ම ගලා නොඑන තුරු, ඔබ මේ මොහොතේ එළඹ නොසිටින තුරු, ඔබ කරන සියලු දෙයෙහි දී ම ඔබ ඔබව නැති කර ගන්නෙහිය.
ඔබට හෝ වෙනත් අයට, ඔබව නිර්වචනය කිරීම නවතා දමන්න.ඔබ මිය නොයනු ඇත. ඔබ ජීවිතයට පැමිණෙනු ඇත.අන් අය ඔබව නිර්වචනය කරන ආකාරය ගැන සිතා විස්සෝප නොවන්න. ඔවුන් ඔබව නිර්වචනය කරන විට ඔවුන් කරන්නේ තමන්වම සීමා කර ගැනීමකි. එබැවින් එය ඔවුන්ගේ ගැටළුවකි. වෙනත් අය සමඟ හැසිරෙන-ක්‍රියා කරන විට, මූලිකව ක්රියාකාරීත්වයක් හෝ භූමිකාවක් ලෙස එහි නොහැසිරෙන්න, එහෙත් සවිඥානික එළඹ සිටීම් ක්ෂේත්රයක් පමණක් වන්න.
මමත්වය සොයා යන හා බැදී යන සෑම දෙයක්ම,එයට හඟින්නට නොහැකි (මූලික) පැවැත්ම සඳහා වූ ආදේශකයන් පමණි. ඔබට දේවල් අගය කළ හැකිය. ඒවා රැක බලා ගත හැකිය.එහෙත් ඔබ ඒවාට බැදී,ඇලී ගියහොත් ඒ මමත්වය බව ඔබට වැටහේ. ඔබ බැඳී යන්නේ යම් දෙයකට නොව එය තුළ ඇතැයි සිතන ‘මම’,’මගේ’,’මට’ සම්බන්ධ සිතුවිල්ලකට ය.ඔබට වූ අලාභයක් පූර්ණ වශයෙන් පිළිගැනීමට,භාර ගැනීමට ඔබට හැකි නම්,ඔබට මමත්වයෙන් ඔබ්බට යා හැක.එවිට ඔබ කවුද යන්න, එනම්(ප්රාකෘතික) විඥාන තත්ත්වය මතු වී එන්නේය.
සත්‍යය සොයා නොයන්න.මතවාද අගය කිරීම පමණක් නවත්වන්න.
එහි අරුත කුමක් ද?
ඔබේ මනස සමඟ අනන්‍ය වීම (එය මගේ කර ගැනීම) අතහැර දමන්න. එවිට මනසින් ඔබ්බේ සිටින “ඔබ” ඉබේම මතු වී එනු ඇත.