Your cart is empty now.
නිරිතදිග තෙත් බිම් ප්රදේශයේ මධ්ය භාගය වන රයිගම් කෝරළය එක්දහස් අටසිය ගණන්වල මුල් භාගයේ අද මෙන් ජනාවාස නොවීය. එදා ඝන කැළෑ එළි පෙහෙළි කොට කෙළවරක් නැති දුක් කරදරවලට මැදිව, අපේ මී මුත්තන් අමාරුවෙන් නැඟී සිටි අයුරුත්, ඔවුන් සතුව තිබූ ධෛර්යයත් දුක උසුලා ගැනීමේ පරම ශක්තියත් ඔවුන් ඔවුන්ගේ දරු මුණුපුරන් වෙනුවෙන් කළ උදාර සේවාවත් නිරූපනය කරන්නකි, අස්වැන්න.