Your cart is empty now.
බලය කේවල් කිරීම සහ ජාතිය ගොඩනැඟීම ් යන මෙම කෘතිය ශ්රී ලාංකේය ඉංජිනේරු ක්ෂේත්රය ශ්රී ලංකාවේ ජාතිකවාදය හා සම්බන්ධ කොට සාකච්ඡා කෙරෙන පළමු පුළුල්ම ව්යායාමයයි. එකිනෙකට බොහෝ සේ වෙනස් ඉංජිනේරු වැඩබිම් තුනක් තෝරාගන්නා මෙම කෘතිය 'ඉංජිනේරු ක්ෂේත්රය’ යන්නෙහි අර්ථය ප්රසාරණය කරන අතර "ඉංජිනියරින් අපගේ ලේවල ඇත” යන සිංහල ජනයා අතර ජනප්රිය ප්රකාශය යළි සලකා බලමින් මෙම අදහස කාලයත් සමඟ ගොඩනැඟුණේ, වෙනස් වූයේ, සහ සංශෝධනය වූයේ කෙසේද සහ ඇයිද යන්න පෙන්වා දෙයි. තාක්ෂණය පිළිබඳ ගැඹුරු ගවේෂණයක් සහ පසුගිය සියවසට අයත් ශ්රී ලංකාව පිළිබඳව තියුණු සමාජ-දේශපාලනික විමර්ශනයක් ඔස්සේ කතුවරයා වර්ධනය වෙමින් පවතින අධ්යයන ක්ෂේත්රයකට අලුත් අවබෝධයක් ගෙන එයි.