Your cart is empty now.
දෙවැනි ලෝක සංග්රාමය දොරකඩට පැමිණ තිබියදී ජර්මනියේ උපන් මරිතා ලොරෙන්ස් කුඩා දැරියකව සිටියදී බර්ජන් බෙල්සන් නාසි වධ කඳවුරට රැගෙන යනු ලබයි. වාසනාවකට මෙන් ඉන් ගැලවෙන මරිතා, අවුරුදු 19 ක තරුණියක ලෙස කියුබානු විප්ලවවාදී නායක පිදෙල් කස්ත්රෝ සමග දෛවෝපගත ප්රේමයක වෙලී 1959 දී කියුබාවට යයි. එහිදී සිය දරුවා අහිමිවන රුදුරු අත්දැකීමකට මුහුණ දෙන ඇය කියුබාවෙන් පිට වී එක්සත් ජනපදයට පැමිණ පිදෙල් කස්ත්රෝ ඝාතනය කිරීමේ CIA මෙහෙයුමකට සම්බන්ධ වන්නිය.
ජාත්යන්තර චර පුරුෂ ජාල සහ ඇමරිකානු ඉතාලි මාෆියාව හරහා ගමන් කරන කැරිබියානු මාතාහාරි ' නමින් ප්රකට වූ මරිතා ලොරෙන්ස් කස්ත්රෝ ඝාතනය කිරීමට ලැබෙන අවස්ථා දෙකම ආදරයේ නාමයෙන් අත්හැර දමන අතර, වසර ගණනාවකට පෙර ඇයට අහිමි වූ පිදෙල්ගේත් ඇගේත් දරුවා දෛවෝපගත ලෙස නැවත හමුවෙයි.