Your cart is empty now.
අනපේක්ෂිත මොහොතක මහ මඟ දී හදිසි අනතුරකට මුහුණ දෙන පුද්ගලයෙක්. ඔහුගේ ජීවිතය මත දැඩි බලපෑමක් ඇති කරනා අතීත අඳුරු පැල්ලමක්.
ඔහුගේ ජීවිතයට සමීප වීමට තැත් දරනා තරුණියක්. දෙවන ලෝක මහා සංග්රාම සමයේ දී නාසි භීෂණයේ ගොදුරක්ව යාන්තමින් දිවි ගලවා ගැනීමට සමත් වූ එලී වියෙසෙල් විසින් රචිත සුප්රකට කෘති ත්රිත්වයෙහි පළමු වැන්න සහ දෙවැන්න වන රාත්රිය සහ අරුණෝදාවට පසුව එන දහවල නම් නවකතාව යනු ඉතිහාසයෙහි අති දැවැන්තම ඛේදවාචකය වෙත වෙනස් කෝණයකින් බලන්නට තැත් දරනා විශිෂ්ට ප්රයත්නයකි. මානව ජීවිතයෙහි අඳුරුතම පාර්ශ්වයකට පිවිසෙන මේ කෘතිය පිටු සංඛ්යාවෙන් අඩු වුව ද පාඨකයාගෙන් අසනා බරපතළ ප්රශ්නයක් තිබේ.
ඒ මනුෂ්යත්වය යනු කවරක් ද යන්නයි.