Your cart is empty now.
මායාව සහ යථා ලෝකය අතර දෝලනය වෙන තරුණියකගේ සංකීර්ණ මනෝ ව්‍යාධියක් පසුබිම් කරගෙන ගෙතෙන ධරණි, දකුණේ සහ උතුරේ දේශපාලන අරගලවලට මැදි වූ මිනිසුන්ගේ ජීවිත යාකරන වියමනකි. 80 දශකයේ සිට යුද්ධය අවසන් වීමෙන් පසු ගත වූ දශකය දක්වා කාල පරාසයක් තුළ ගොඩනැගෙන දේශපාලන සිද්ධි දාමයක් හරහා ඇවිද යන කතා නායිකාව දකුණට නොපෙනෙන උතුරේ ජීවිතවල ඛේදනීය යතාර්ථයට සම්මුඛ වෙයි. සිය මනෝරාජික ලෝකයේ මිතුරිය වන උතුරේ අරගලකාරිය සමග ගොඩනගා ගන්නා
සංකීර්ණ මානසික ගැටුම තුළින් ඈ ප්‍රේමය සහ ජීවිතය පිළිබඳ ගැඹුරු සංවාදයකට පිවිසෙයි.