Your cart is empty now.
සත්‍ය කතා පුවතක් පදනම් කරගෙන රචිත මේ නවකතාව ආත්ම පරිත්‍යාගයේ මහිමය ලොවට කියාපාන දාර්ශනික ගද්‍ය කාව්‍යයකි. සෝවියට් කිර්ගීසියාව විසින් බිහි කරන ලද විශිෂ්ටතම සාහිත්‍යධරයා වූ චින්ගීස් අයිත්මාතොව් සිය නිර්මාණ අතුරින් ප්‍රියතම කෘතිය ලෙස හඳුන්වනුයේ මේ නවකතාවයි.
ස්වකීය ගෝත්‍රයේ අනාගත නායකත්වයට හිමිකම දරනා කුඩා දරුවකු හට ඔවුන්ගේ කර්මාන්තය උගන්වනු පිණිස ඔහු කැටුව දියඹට යන වැඩිහිටියන් තිදෙනෙකු වටා ගෙතෙන කතා පුවතඅන්ත දුෂ්කරම තත්ත්වයනට, බලාපොරොත්තු විරහිත භාවයේ පත්ලටම ඇද වැටුණු විටදී පවා මිනිසාට සිය ආත්ම ශක්තිය පිහිට කොටගෙන නැඟී සිටීමට හැකිද යන්න මනාව දක්වා සිටියි.