Your cart is empty now.
සංකල්පය තුළ "සියලු මනුෂ්යයන් දේශපාලන සත්ත්වයෝය" යන දේශපාලනයෙන් පරිභාහිර ජීවිතයක් අපි කිසිවෙකුටත් නැත. ව. අ. සරත් ලාල් කුමාර වසර තිහකට අධික කාලයක් මෙරට දේශපාලන ක්ෂේත්රයේ ක්රියාකාරී වූවෙකු ලෙස මාධ්ය ක්ෂේත්රයේ ද සජිච්ච රැඳී සිටි පුද්ගලයෙකි. ජ්යේෂ්ඨ මාධ්යවේදියෙක් ලෙස, මාධ්ය ලේකම්වරයෙකු හා මාධ්ය අධ්යක්ෂවරයෙකු ලෙස ඔහු ලැබූ අත්දැකීම් අගේ කළ යුතු වේ.
වසර විසි පහකට පෙර ලියා පල කරන ලද "දෝෂාභියෝගය" කෘතිය අදටත් ඒ ආකාරයෙන්ම වලංගු බව කිවයුතුමය. ලාල් කුමාර තම සාහිත්ය ජීවිතයේ බොහෝ අවස්ථාවල දේශපාලනය මුල් කොට ගෙන සිය නිර්මාණ එළි දක්වා ඇත. මා කියවූ ඔහුගේ "කළු ජිවිතත් වටී” කෘතිය පුරෝගාමී නිර්මාණයකි. ඒ අයුරින්ම මෙවර නව සංස්කරණයකින් ප්රකාශයට පත් කරන "දෝෂාභියෝගය” කෘතිය ද ඔහු දේශපාලන හා මාධ්ය තුළින් ලැබූ පන්නරය කියාපාන විශේෂිත අවස්ථාවකි.
කොළඹ රුසියානු මධ්යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ප්රකාශයට පත් කරන "රුසියාව ත්රෛයිමාසික සඟරාවේ භා ශ්රී ලංකා චීන ජන මාධ්යවේදීන්ගේ සංසදය ප්රකාශයට පත් කරන "මහජන චීනය¨ ද්වි මාසික සඟරාවේ ප්රධාන සංස්කාරකවරයා වන සරත් ලොල් කුමාර ප්රකාශන ක්ෂේත්රයේ ද ක්රියාධරයෙකි.
ඔහු විසින් රචිත චෙකොෆ් ගේ ලංකා ගමන, පුටින්, කොරෝනා කාලය, කළු ජීවිතත් වටී හා 71 කැරැල්ලට පණහයි කෘති මෙරට බොහෝ පාඨක පිරිස් හි නොමඳ අගය කිරීම වලට ලක් වී තිබේ.
මහාචාර්ය ටියුඩර් වීරසිංහ