Your cart is empty now.
බය වෙන්නෙපා මම ඉන්නවානේ.." මම හෘදයාංගම පුනරුච්චාරණයක් කළා. ඒ ඇතුලේ ආත්මීය පාපොච්චාරණයකුත් තිබුණා. අවසානයටම ඇවිත් තිබුණු කතාවක් අයේ අලුතින් පටන් ගත්තේ ඒ විදියට. හැම ආදර කතාවක්ම වීරකවය්යක් විය යුතුමයි කියලා රිතියක් නෑ, හැම ආදර කතාවකම අවසානය සුඛාන්තයක්ම විය යුතුයි කියලා රිතියකුත් නෑ. ආදර කතාවකට ඕන ආදරයක් විතරයි. ඒ ආදරේ ඇතුලේ ආදරවන්තයා වීරයෙක් වෙන්නත් පුලුවන්. මං මාව ඒ විදියට සාධාරණිකරණය කර ගත්තා