Your cart is empty now.
පේරාදෙණිය විශ්ව විද්යාලයේ ඉංජිනේරු විද්යා උපාධිධාරියකු සහ ශ්රී ලංකා විවෘත විශ්ව විද්යාලයේ ව්යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිධාරියකු වන උපාලි ඒකනායක ශ්රී ලංකා සිමෙන්ති සංස්ථාවේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කර ඇත. සිමෙන්ති කම්හලේ වැඩිදියුණු කිරීම් සඳහා විදේශීය ඉංජිනේරුවන්ගේ සහභාගිත්වය ඇතිව කරගෙන යනු ලැබූ විශේෂ ව්යාපෘති වෙනුවෙන් ක්රියාශීලී දායකත්වයක් දැරූ ඔහු විදේශ රටවල් රැසක පුහුණුවීම් වලටද සහභාගි වී ඇත. කුඩා කල සිටම විවිධ නිර්මාණ කටයුතු වලට උනන්දුවක් දැක්වුවද මේ ඔහුගේ පළමු ප්රකාශිත නවකතාවයි.