Your cart is empty now.
ගැටුම් සමථනය සහ සාමය ගොඩ නැගීම ජනවාර්ගික ගැටුම් පැවැති සමයේ ලංකාවේ දේශපාලන න්‍යාය පත්‍රයේත්, දේශපාලන සාකච්ඡාවෙත් වැදගත් තේමා වී තිබිණි. ලෝකයේ අන් බොහෝ රටවල මෙන්ම ලංකාවේ ද, ඒවා පාසැල් සහ විශ්ව විද්‍යාල අධ්‍යාපන පාඨමාලා වලට ඇතුලත් කර තිබේ.
ලංකාවේ ද ලෝකයේ වෙනත් රටවල ද ගැටුම්, ගැටුම් සමථනය සහ සාමය ගොඩ නැගීම පිළිබඳ තුලනාත්මක අත්දැකීම් පදනම් කොටගත් විශාල ශාස්ත්‍රීය සාහිත්‍යයක් ද තිබේ. එම සාහිත්‍යය ආශ්රයෙන් ගැටුම්, ගැටුම් සමථනය, මාධ්‍යයනය සහ සාමය ගොඩ නැගීම පිළිබඳ මුලික සංකල්ප, ප්‍රවේශ සහ භාවිත පාසැල් සහ විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ට ප්‍රයෝජනවත් වන ලෙස හඳුන්වා දීම සඳහා මේ කුඩා කෘතිය ලියැවී ඇත.
සාමය අගය කරන පුරවැසියන්ගේ ද අවබෝධය පොහොසත් කිරීම ද මෙම කෘතියෙන් අපේක්ෂා කෙරේ.