Your cart is empty now.
මෙම සූත්රය භාග්යවතුන් වහන්සේ විසින් චම්පා නුවර ගර්ගරා නම් පොකුණ අසල ස්ථානයේ දී සෘජුවම, ආරාධනාවක් නොමැතිවම නන්ද තෙරුන් හට දේශනා කරන ලද්දකි.
මෙම සූත්රයේ විශේෂත්වය නම්, ළමයා කුස තුළ සිටින කාලය ගැන දීර්ඝ විස්තරයක් ක්රමානුකූලව ඉදිරිපත් කොට තිබීමයි.
මෙම සූත්රයෙන් බුදුන් වහන්සේ දිගින් දිගටම පැහැදිලි කර දෙන්නේ උත්පත්තියේ ඇති දුෂ්කර බව හා අසාර බව ය. එතරම් දුෂ්කර උත්පත්තියක් ලබා දුක් විඳින්නේ මක් නිසාද යන්න ය -දුකින් මිදීමම වැදගත් නොවන්නේ ද යන්නය.
කෘතිය අවසානයට කියවූවෙකුට සංසාරය එපාවීම නම් නියත වශයෙන් ම සිදු වෙතැයි සිතිය හැකි තරමට කරුණු පාඨකයාට ඒත්තු යන ආකාරයට ඉදිරිපත් කොට ඇත.
මෙම කෘතියේ තවත් විශේෂත්වයක් වන්නේ එය ගැබිණි මව්වරුන් සඳහා විශේෂයෙන් යෝග්ය වීම ය. මෙහි ඇති කරුණු තදින් කා වදින්නේ දරුවකු කුස දරාගෙන සිටින මවකගේ සිතකට ය. එයින් ඇය දරුවා ගැන විශේෂයෙන් පරිස්සම් වන නිසා දරුවාට ද එම සිතුවිලි බලපා ඒ දරුවා ද සන්සුන් දරුවකු බවට පත් වේ.