Your cart is empty now.
ඔහු ලෝකය බේරා ගැනීමට සිතුවේ සටනින් ය. ඇය ලෝකය බේරා ගැනීමට සිතු වේ ආදරයෙන් ය. එහෙත් දෙදෙනාටම තමන්ගේ ආදරය අහිමි වී ඇති බව වටහා ගන්නට ගත වූ කාලය මහමෙරක් වැනි ය.
''බලන්න ඒ ගස් වල එක කොළයක් වත් අනිත් ගහේ ගෑවෙන්නේ නෑ.හැම තිස්සෙම ඒගොල්ලෝ වටේ මායිමක් ඉතුරු කරගන්නවා.තද සුළං හැමුවත් එහෙම්මයි.සීමාව තියෙනවා.කොච්චර ලං උනත් අනික් එකාගේ ජීවිත වලට එබෙන්න යන්නේ නැහැ. ස්වභාව ධර්මය හැදිලා තියෙන්නෙම එහෙම.''
ආදරයේ අහිමි වීම මිනිස් චිත්ත සන්තානයට ඇති කරන්නේ කවර බලපෑමක් ද යන්න ඉතිහාසය පුරා ලියැ වී ඇතත්,අමායා සහ වින්ගේ කතාව ඒ සියල්ලේම අනාගත කතාව යි. සියලු හැල හැප්පීම් මැද, ලෝකයේ බල පෙරළි මැද,ත්රස්තවාදී සටන් මැද පවා අවසානය තෙක් නොනැසී දිව යන හැඟීමක් ඇත්නම් ඒ ආදරයයි.
ලෝකය වෙනස් කළ හැක්කේ වෛරයෙන් නොව ආදරයෙන් ය. එවැනි ලොවක අමායා හා වින් හමුවනු ඇත්තේ ද? මේ වින්ගේ හා අමායාගේ කතාව නොව එය මේ ලෝකයේ ආදර කතාවය.