Your cart is empty now.
කපිතන්ගේ දියැණියෝ නමැති නවකතාව තුළින් පුෂ්කින් (1773-1775) වසර වලදී රුසියාවේ පැවැති බල සම්පන්න ගොවි කැරළි ගැන ලියයි. එහි නායකයා වූයේ එමේල්යාන් පුග වොවය. (1744-1775) රුසියාවේ සෑහෙන ප්‍රදේශයක මෙම කැරළි පැන නැගිණි. පුගචොව්ගේ නායකත්වයෙන් පැවැති කැරළි සැබෑ ජනතාවාදී මෙන්ම ප්‍රවේණිදාස ක්‍රමයට විරුද්ධ ස්වරූපයක් දරන හැටි පුෂ්කින් යසට පෙන්වා දෙයි.
පුෂ්කින්ගේ නවකතාවේ ප්‍රධාන වීරයා පොදු ජනතාවගේ අභිප්‍රාය සහ ශක්තිය ඒකරාශි කළ පුගචොව්ය. ඔහුගේ බුද්ධිය, වැටහෙන නුවණ, වීරත්වය සහ මානව හිතකාමය මැනවින් ඔප්නගා පෙන්වයි.
මාරියා වෙතායෙවා (1892-1941) නමැති කිවිවරිය පුෂ්කින්ගේ ඓතිහාසික නවකතාවේ පුගචොව්ගේ *චරිතය නියම කාව්‍යමය ලෙස විස්තර කරමින් මෙසේ පවසයි.
"කපිතන්ගේ දියැණියෝ නමැති නවකතාවේ එකම ක්‍රියාකාරී චරිතය පුගචොව්ය. ඔහුගේ අස්රියේ ඒ නැගෙන කුඩා සීනු හඬින් හැම දෙයක්ම පණ ලබයි. එය අපට පෙනෙන්නාක් මෙනි."