Your cart is empty now.
පවිත්රා අභයවර්ධන සතුව ඇත්තේ රසවත්ව කතා කීමේ ක්රමෝපායකි. එහි ඇතැම් කෙටිකතා විසින් කියවන්නාව ඔසවා පොළොවේ ගසනු ලබන අතර, අනෙක්වා මගින් ජීවිතයේ සංවේදී පක්ෂය සියුම් සැතකින් ඇන එළියට ගනු ලබයි. පාඨකයාගේ කියැවීමේ ලාලසාවට ඇමක් දමා අල්ලා ගැනීමට ඈ දක්වන සමත්කම පැසසුම් ලැබිය යුතුය. පවිත්රා භාෂාවට තමන්ව හසුරුවන්නට ඉඩ නොදී ඉතාමත් පහසුවෙන් තමන් විසින් භාෂාව වසඟයට ගෙන ඇති හෙයිනි.